colombotimes.lk
සිංහල | English

04 May 2024

සාගර කාරියවසම්ට විපක්ෂයෙන් විරෝධය



මෙරට මූල්‍ය බන්කොලොත් බාවයට හේතු වූ කරුණු සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමට පත් කළ විශේෂ කාරක සභාවේ සභාපති ලෙස සාගර කාරියවසම් මහතා පත් කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ විරෝධය එල්ල වුණා. 
 
මේ පිළිබඳ සෙවීමට ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පත් කිරීම පිළිගත නොහැකි බව විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළා. 
 
මෙය ''හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්'' යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා. 
 
කෙසේවෙතත් තම ස්ථාවරයේ වෙනසක් සිදු නොවන බව කථානායකවරයා ප්‍රකාශ කළා.
(colombotimes.lk)