colombotimes.lk
සිංහල | English

18 May 2024

2023 වසරේ මුල් මාස 4 තුළ මෙරටින් වාර්තා වූ රිය අනතුරු ගැන විශේෂ හෙළිදරව්වක්



2023 වසරේ මුල් මාස 4 තුළ ශ්‍රී ලංකාව තුළ වාර්තා වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 700කට අධික පිරිසක් මියගොස් ඇති බව පොලිසිය වාර්තා කරනවා. 

අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදිවලින් සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ. 
 
2023 අප්‍රේල් 30 වැනිදා වන විට රිය අනතුරු 8,202ක් වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කළා. 
 
මාර්ග අනතුරු අතරින් පුද්ගලයින් 709 දෙනෙකු මියගොස් 2,160 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඉන් 3,201 දෙනෙකු සුළු අනතුරු වලට මුහුණ දුන් අය වනවා. 
 
මරණ 709 න් 220 ක් යතුරුපැදිකරුවන් වන අතර 102 ක් මගීන් සහ 179 ක් පදිකයින් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මහතා ප්‍රකාශ කළා. 
 
බොහෝ අනතුරුවලට හේතුව යතුරුපැදි බවත්, ඊට පසුව ත්‍රිරෝද රථ බවත් හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. 
 
මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා මාර්ග නීති පිළිපැදීමට වගබලා ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව යතුරුපැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් ඉල්ලා සිටියා.
(colombotimes.lk)