06 August 2025

logo

PUCSL ප්‍රසිද්ධ විභාගයක් අරඹයි



පසුගිය පෙබරවාරි 09වනදා සිදු වූ දීපව්‍යාප්ත විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විභාගයක් පැවැත්වීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා.
 
ඒ අනුව අද (05) පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම විභාගය පැවැත්වීමට නියමිතයි.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 077-2943193 අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)