පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද (24) උදේ 8:00 සිට හෙට (25) උදේ 8:00 ට දක්වා පැය 24 ක් දිවයින පුරා සියලු රෝහල් වල සංකේත වැඩ වර්ජනයකට එළඹීමට තීරණය කර තිබෙනවා.
ඒ පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ තීරණයකට අනුවයි.
ඉල්ලිම් 7ක් මුල් කරගෙන මෙම වර්ජනය ක්‍රියාමාර්ගයට අවතීරණය වීමටයි වෘත්තීය කාණ්ඩ 5 කින් සහ නිලධාරීන් 7,000 ට ආසන්න සංඛ්‍යාවක් තීරණය කර ඇත්තේ.
මෙම වර්ජන ක්‍රියාමාර්ගයට විකිරණ තාක්ෂණවේදීන් වෘත්තිකයන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, ඖෂධවේදී වෘත්තිකයන්, භෞත චිකිත්සක වෘත්තිකයන්, වෘත්තිය චිකිත්සක වෘත්තිකයන් යන වෘත්තීය සංගම් 5 එකතු වනවා.
(colombotimes.lk)