06 July 2025

logo

ගුවන් යානයක වැසිකිලියකින් රන් බෝම්බයක් මතුවෙයි (PHOTOS)



කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් AI-272 ගුවන් යානයේ වැසිකිළියේ තිබී රත්‍රං කිලෝග්‍රෑම් දෙකක් සහිත පාර්සලයක් සොයාගෙන තිබෙනවා. 

එම පාර්සලය බෝම්බයක් බවට උපකල්පනය කරමින් ගුවන් ගමන අවලංගු කළ බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ. 
 
යානය ගුවන් පථයේ අවසන් පරීක්‍ෂණයේදී එහි පසුපස වැසිකිළියේ තිබී හිමිකරුවෙකු නොමැති කළු පාර්සලයක් ආරක්‍ෂක නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා. 
 
ඉන්පසුව මගීන් සියළුදෙනාම යානයෙන් ඉවත්කොට බෝම්බ ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් ගුවන් යානය හුදකලා ප්‍රදේශයකට ගෙන ගියා. 
 
පසුව එම පාර්සලය බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී එය බෝම්බයක් නොව රත්‍රං අඩංගු පාර්සලයක් බව තහවුරු වී තිබෙනවා. 
 
පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා කිලෝග්‍රෑම් දෙකක බරැති රත්‍රං සහිත පාර්සලය ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාරදී තිබෙනවා. 
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
(colombotimes.lk)