13 December 2025

logo

දෙසැම්බර් 18වනදා පාර්ලිමේන්තුව කැඳවයි



දෙසැම්බර් මස 18වනදා පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (12) රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.  

එම නිවේදනයේ සඳහන් වන්නේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව දෙසැම්බර් 18වන බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි. 



(colombotimes.lk)