colombotimes.lk
සිංහල | English

18 October 2024


බොරු පොරොන්දු ලබාදීමෙන් ජනතාවට සහන දෙන්න බැහැ - ජනපති



ජනතාවට සහන සැලසිය හැක්කේ මැතිවරණ ප්‍රකාශවලින් බොරු පොරොන්දු ලබාදීමෙන් නොවන බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

 ඔහු කියා සිටියේ එය සිදු කළ හැක්කේ ක්‍රමානුකූලව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් පමණක් බවයි.

එමෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පස් වසරක සැලැස්මක් තමාට තිබෙන බවත් එම සැලැස්ම ක්‍රියාත්මක කරන අතර රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගනිමින් ආහාර මිල මෙන්ම බදු බර ද අඩු කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මහනුවර හාරිස්පත්තුව මැතිවරණ කොට්සඨායේ පැවති 'පුළුවන් ශ්‍රී ලංකා' ජන රැළිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)