12 March 2025


අපරාධකරුවන්ට ආධාර අනුබල දෙන පුද්ගලයන්ට වැඩ වරදියි



අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට සැඟව සිටීමට හෝ නවාතැන් පහසුකම් ලබාදෙන පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමට තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග කියා සිටියේ එලෙස අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට සැඟව සිටීමට හෝ නවාතැන් පහසුකම් ලබාදෙමින් ඒ සඳහා අනුබල ලබාදෙන ඕනෑම පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්නා බවයි.

එමෙන්ම ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.    

(colombotimes.lk)