colombotimes.lk
සිංහල | English

04 July 2024

PHOTOS | මහජන බැංකුවේ 63වන සංවත්සරය අදයි



මහජන බැංකුවේ අභිමානවත් 63 වන සංවත්සරය ජූලි (01) අද දිනට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන් මාලාවක් මහජන බැංකුව ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයේදී පැවැත්වුණා.

එය සංවිධානය කර තිබුණේ මහජන බැංකු බෞද්ධ සංගමය, හින්දු සංගමය, මුස්ලිම් මජ්ලීසය හා කිතුනු එකමුතුව විසින්.
 
රටට, ජනතාවට, ගනුදෙනුකාරභවතුන්ට මෙන්ම මහජන බැංකුව පිහිටුවීමෙහිලා පුරෝගාමී වූ සියලු නායකයන්ට, අතීත සහ වත්මන් කාර්ය මණ්ඩලයට ආශිර්වාද පතා මෙම ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වුණා.

මේ සඳහා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය, බැංකු කාර්ය මණ්ඩලය හා විශ්‍රාමික සේවක පිරිස සහභාගී වුණා.

එහි විශේෂ අවස්ථා පහතින්,
 





(colombotimes.lk)