2024 වසරේ ගතවූ මාස හයක කාලය තුළදී මහජන බැංකුව සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් වුණා.
සිය ගනුදෙනුකාරභවතුන්ට ලබාදෙන සේවාවන් හි විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් මහජන බැංකුව මෙම සම්මාන වලින් පිදුම් ලැබුවා.
මෙම සම්මාන මහජන බැංකුව වෙත හිමිවීමට සුවිශේෂී හේතුව වන්නේ සේවාවන්හි ගුණාත්මකභාවය, ඵලදායිතාවය සහ ගනුදෙනුකරුවන්හට සළසා දී ඇති නව්‍යකරණ Digital පහසුකම් නිසාවෙනි.
ඒ අනුව සුමති සම්මාන 2024 යටතේ හොඳම රූපවාහිනී වාණිජ - 2 වන අනුශූරතාවය මහජන බැංකුව හිමි කර ගත්තා.
එමෙන්ම AICPA සහ CIMA Top Employers Awards 2024 යටතේ මහජන බැංකුව හොඳම සේවා යෝජකයින් 20දෙනා අතරට නම් කර තිබෙනවා.
හොඳම කළමනාකරණ පිළිවෙත් සමාගම් සම්මාන 2024 යටතේ රජයේ, අර්ධ රාජ්‍ය සහ අධිකාරී කාණ්ඩයේ ජයග්‍රාහකයා මෙන්ම රාජ්‍ය අංශයේ සහ බැංකු අංශයේ ජයග්‍රාහකයාට හිමි සම්මාන හිමිකර ගැනීමට මහජන බැංකුව සමත් වුණා.
LankaPay Technnovation සම්මාන උළලේදී වඩාත්ම ජනප්‍රිය ඩිජිටල් ගෙවීම් නිෂ්පාදනය (රාජ්‍ය බැංකු කාණ්ඩය - අන්තර්ජාල සහ ජංගම බැංකුකරණය) රන් සම්මානය.
වසරේ හොඳම පොදු ATM සක්‍රීය කරන්නා - A කාණ්ඩය.
පාරිභෝගික පහසුව සඳහා විශිෂ්ටත්වය සඳහා වසරේ බැංකුව - A කාණ්ඩයේ කුසලතා සම්මානය.
මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා වසරේ බැංකුව - A කාණ්ඩය කුසලතා සම්මානය ආදී සම්මාන රැසකින් මහජන බැංකුව පසුගිය මාස 06 තුළදී පිදුම් ලැබුවා.
එමෙන්ම පසුගියදා පැවැත්වූ 2024 A4 සම්මාන උළලේදී ලෝකඩ සම්මානයෙන්ද පිදුම් ලැබීමට මහජන බැංකුව සමත් වුණා. ඒ 2023 වසරේදී නත්තල සඳහා නිර්මාණය කළ Digital චිත්‍රපටය සඳහායි.
සම්මානය හිමි එම වීඩියෝව පහතින්,
(colombotimes.lk)