06 May 2025


දවල් 02 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය



දිවයින පුරා මේ වන විට පළාත් පාලන ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී පැවැත්වෙනවා.

ඒ අනුව අද (06) දහවල් 2.00ට අවසන් වූ පැය 07ක කාලය තුළ දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය භාවිතා කළ ප්‍රතිශතයන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ ප්‍රතිශතයන් පහතින්,

කොළඹ - 38%
ගම්පහ - 36%
කළුතර - 45%
අනුරාධපුර - 40%
නුවරඑළිය - 53%
දිගාමඩුල්ල - 48%
පොළොන්නරුව - 45%
මඩකලපුව - 40%
බදුල්ල - 46%
මන්නාරම - 54%
රත්නපුර - 50%
කිලිනොච්චිය - 39%
හම්බන්තොට - 42%
මොණරාගල - 46%

(colombotimes.lk)