06 May 2025


පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්



පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද (06) දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී පැවැත්වුණා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පළාත් පාලන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් කළ බවයි.

මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දදායකයන් 17,156,338දෙනෙක් සුදුසුකම් ලබා තිබෙනවා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් ඇතුළු මෙවර පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් 75,589ක් තරග වදින බවයි.

ඒ අනුව සභිකයින් 8,287දෙනෙක් මෙවර ඡන්ද විමසීමෙන් තෝරාගන්නා බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.



(colombotimes.lk)