06 May 2025


ජනපති දිවයිනට



වියට්නාමයේ තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (06) දහවල් වියට්නාම් රජයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබෙනවා.

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම රාජ්‍ය සංචාරයේ නිරත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම රාජ්‍ය සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාම් ජනාධිපතිවරයා සමඟ නිල සාකච්ඡා පැවැත්වූ අතර වියට්නාමයේ රාජ්‍ය ප්‍රධානීන් සමඟ ද අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශවික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් සාකච්ඡා පවත්වා තිබෙනවා.

එමෙන්ම  ජනාධිපතිවරයා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් (To Lam) සමඟ ද සාකච්ඡා පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)