අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සඳහන් කළේ ඒ අනුව නිරෝගී සතුන් ප්‍රවාහන කිරීම සඳහා අවසර ලබා දී ඇති බවයි.
අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ පමණක් මුළු සූකර ගහණයෙන් 50%ක් පමණ මේ වන විට මියගොස් ඇති බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
(colombotimes.lk)