මෙම වසරේදී මෙරට මැණික් අපනයනය ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි ප්‍රකාශ කළා.
ඒ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී ඔහු සඳහන් කළේ මේ වන විට මැණික් අපනයනය සිදුවන්නේ 90%ක් පමණ අවිධිමත් ආකාරයට බවයි.
ඒ අනුව මැණික් අපනයනය විධිමත් අපනයනයක් බවට පත්කිරීම මේ වන විට දැවැන්ත අභියෝගයක් බවට පත්ව ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)
