පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ ඊට අදාළ ගැසට් නිවේදනය එළඹෙන සතියේ නිකුත් කරන බවයි.
තවත් පොලිස් නිලධාරීන් 5000ක් බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)