21 February 2025


සාත්තු සේවා වෘත්තිකයන් 2,000ක් ඊශ්‍රායලයට යැවීමට සැලසුම්



2025 වසරේදී ශ්‍රී ලාංකිකයන් 2,000ක​ට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශය සඳහන් කළේ මෙ​ම වසරේ ජනවාරි මුල සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකිකයන් 148දෙනෙක්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී ඇති බවයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ පීබා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන් 2038දෙනෙක් හට හිමිවී තිබෙනවා.

(colombotimes.lk)