21 July 2025

logo

යාපනයේදී පොලීසියෙන් අහසට වෙඩි



යාපනය, වඩුක්කෝඩෙයිහි පදිංචි දෙපිරිසක් අතර සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් 19 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඊයේ (20) දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

ඒ අනුව පොලීසිය එහි ගමන් කරන විට එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයට අයත් යතුරු පැදියක් ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පොලීසියටද ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ තත්ත්වය පාලනය කිරීම සඳහා එහිදී පොලීසිය අහසට වෙඩි තබා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(COLOMBOTIMES.LK)