දේශපාලන පත්වීම් ලැබූ තානාපති සහ මහ කොමසාරිස්වරුන් 18දෙනෙක් මේ වන විට යළි දිවයිනට කැඳවා තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර සඳහන් කළේ විදේශ සේවය කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් බවට පත් කිරීමේ නව රජයේ දැක්ම අනුව එම පිරිස කැඳවූ බවයි.
කෙසේ වෙතත් ඇමරිකාවේ ශ්‍රී ලංකා තනාපතිවරයා ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ තවදුරටත් එම තනතුරේ කටයුතු කරනවා.
දේශපාලන බලපෑම්වලින් තොර රාජ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් රජය කැපවන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
(colombotimes.lk)