මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ අප්‍රේල් මස 22 සහ 23 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද දිනයන් 24, 25 යන දිනයන්වල පැවැත්වීමට තීරණය කළ බවයි.
ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ඇතුළු සියලුම ආයතන සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මාසයේ 24,25, 28 සහ 29 යන දින 4 තුළ සිදු කිරීමට හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)