තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම ඇතුළු ගැටලු 7ක් මුල්කර ගනිමින්.
ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ අද (16) සවස 4.00 සිට (18) වනදා මධ්‍යම රාත්‍රී 12 .00 දක්වා පැය 48ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.
තැපැල් දෙපාර්තමේන්තුවේ 7,500ක පමණ සේවක හිඟයක් පවතින අතර ඊට විසදුම් ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු කියා සිටියා.
(colombotimes.lk)