13 August 2025

logo

ජනපති අනුර සැප්තැම්බරයේදී ඇමරිකාවේ සහ ජපානයේ රාජ්‍ය සංචාරයක



ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන සැප්තැම්බර් මාසයේදී විදේශ සංචාර දෙකක් සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ඒ ඇමරිකා එක්සත් ජනපදයේ සහ ජපානයේ රාජ්‍ය සංචාරයක් සඳහායි.

ප්‍රථමයෙන් ඇමරිකාවේ නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය (UNGA) සඳහා සහභාගී වන අතර ඉන් අනතුරුව ජපාන රාජ්‍ය සංචාරයට එක්වීමට නියමිතව තිබෙනවා.

විදේශ අමාත්‍ය විජිත හේරත් මේ සම්බන්ධයෙන් සඳහන් කළේ එළඹෙන සැප්තැම්බර් 23වනදා ජනාධිපතිවරයා ඇමරිකාව බලා පිටත්ව යන බවයි.

ඒ අනුව 24වෙනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් රජයේ ප්‍රතිපත්ති සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳව අදහස් දැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)