11 July 2025

logo

ජනපති යළි දිවයිනට



ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) දිවයිනට පැමිණ තිබෙනවා. 

ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා එක්ව සිටි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වන්නේ. 

ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ දින 3ක නිල සංචාරයක් සඳහා පසුගිය 10වනදා දිවයිනෙන් පිටත්ව ගියා. 

ඒ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුවයි.

 
(colombotimes.lk)