04 February 2025


අග්‍රාමාත්‍යවරියගෙන් නිදහස් දිනයට පණිවිඩයක්



සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව යුක්තිගරුකව සහ පීඩනයකින් තොරව සියලුදෙනාටම ජීවත්වීමේ අයිතිය තහවුරු කරදීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය සිය නිදහස් දින පණිවිඩය තුළින් පෙන්වා දෙන්නේ සැබෑ නිදහස තහවුරු කිරීමේදී වාර්ගික, ආගමික, කුල, ගෝත්‍ර, ස්ත්‍රී පුරුෂ පන්ති භේදයකින් තොරව සියලුදෙනාටම එකාමෙන් ජීවත්වීමේ පරිසරයක් තහවුරු කර දිය යුතු බවයි.

එමෙන්ම 'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' ගොඩනැගීම වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් පෙන්වා දිය යුතු බවද ඇයගේ නිදහස් දින පණිවිඩයේ සඳහන් වනවා.

(colombotimes.lk)