ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනි මියන් ලී ඊයේ (03) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ හමුවී තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත්වීම පිළිබඳව වයිස් අද්මිරාල් කාංචන බානගොඩට සිය සුභ පැතුම් එක් කළ බවයි වාර්තා වන්නේ.
අනතුරුව ද්විපාර්ශ්වික අවශ්‍යතා පිළිබඳ කරුණු පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
(colombotimes.lk)