04 February 2025


ලෝක පිළිකා දිනය අදයි



ලෝක පිළිකා දිනය අදට (04) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ 'United by Unique' යන්නයි.

පිළිකාවට එරෙහි සටනේදී පුද්ගලාරෝපිත රෝගී කේන්ද්‍රීය සත්කාරයේ වටිනාකම ඉස්මතු කිරීම එම තේමාවෙන් පැහැදිලි වනවා.

එමෙන්ම එක් එක් රෝගියාගේ අනන්‍ය අවශ්‍යතා සඳහා ප්‍රතිකාර පුද්ගලීකරණය කිරීම කොතරම් වැදගත්ද යන්න පිළිබඳවත් එමඟින් ඉස්මතු කර තිබීම විශේෂත්වයක්.

මෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අංශ පවසනවා.

මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන සඳහන් කළේ ඒ අතරින් 30%ක් ලියුකේමියාවටද, 25%ක් මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිත පිළිකා රෝගයටද ගොදුරුවී ඇති බවයි.

මෙරටින් වාර්ෂිකව පිළිකා රෝගීන් 40,000ක් පමණ වාර්තා වන බව ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ අතරින් 4,000ක් රුධිරගත පිළිකා රෝගීන් බවයි.

පිළිකාවලින් තුනෙන් එකක්ම වළක්වා ගත හැකි බව විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන ප්‍රකාශ කළා.

(colombotimes.lk)