04 February 2025


අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 350ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (03) පෑලියගොඩ පොලිස් වසමේ වනවාසල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.  

(colombotimes.lk)