පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
එමෙන්ම පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති බඳවා ගැනීම් සමාලෝචන කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් කර එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)