2026 වසරේ සිට දිවයින පුරා සියලුම පෙරපාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඒ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුව ඊයේ (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
පූර්ව ළමාවිය විෂය මාලා රාමුව මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර 19,000කට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 25වන දින ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ එහිදී සෑම පළාතකම ගුරු පුහුණුවීම් සිදු කරන අතර එමඟින් නව විෂයමාලා රාමුවකට අනුව ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බවයි.
(colombotimes.lk)