07 June 2026

logo

හෙට සිට පෞද්ගලික බස් රථ ධාවනය සීමා කරයි



බස් රථ ධාවනය සීමා කිරීමට තම සංගමය විසින් තීරණයක් ගත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ වනවිටත් බස් රථ 25%ක් පමණ ස්වයංව ධාවනයෙන් ඉවත්වී ඇති අතර ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ඉල්ලා සිටි බස් ගාස්තු සංශෝධනයට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම‌ හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව හෙට (08) සිට බස් රථ ධාවනය සීමා කරන අතර එය ප්‍රතිශතයක් ලෙස 50%ක් වනු ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)