හෙට (08) සිට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ ඔවුන්ගේ ඉල්ලීම්වලට සාධනීය විසඳුම් මේ දක්වා නොලැබීම හේතුවෙන්.
ඒ අනුව හෙට සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබාදෙන වාර්තා අත්හිටුවීම සහ ප්‍රගති සමාලෝචන ඇතුළු සියලු රැස්වීම්වලට සහභාගී වීම අත්හිටුවන බවයි එම සංගමය සඳහන් කළේ.
එමෙන්ම ඔවුන් ලබන 15 වැනිදා සිට ඩෙංගු මර්දන රාජකාරීවලින් ඉවත් වීමට ද නියමිතයි.
මීට අමතරව එළඹෙන 22 වැනිදා සියලුම බෝවන රෝග පාලන කටයුතුවලින්ද ඉවත්වන බවයි එම සංගමය පැවසුවේ.
(colombotimes.lk)