සිරි ධම්ම තිස්ස මාවත, නෙල්ලිගොඩ, අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි රන්මුතු සුදර්මන් නැමති පුද්ගලයා පසුගිය දෙසැම්බර් මස 26වනදා සිට අතුරුදන් වී සිටින බව පවුලේ ඥාතීන් පවසනවා.
ඔවුන් කියා සිටියේ එම පුද්ගලයා අවසන් වරට නිල් පැහැති ඉරි සරමක් සහ දුඹුරු පැහැති අත් කොට කමිසයකින් සැරසී සිටි බවයි.
මේ වන විටත් ඔහු පිළිබඳව කිසිඳු තොරතුරක් ලැබී නොමැති බැවින් ඔහුව දුටුවහොත් 076-3356842 සහ 077-1390364 යන දුරකථන අංකයන්ට දැනුම්දෙන ලෙස ඉල්ලා සිටිනවා. 
(colombotimes.lk)
