colombotimes.lk
සිංහල | English

02 May 2024

ආයතන නිවාඩු නොගන්නා සේවකයින් වැඩට ගැනීමට සැරසෙයි



ලෝකයේ ප්‍රභලම තාක්ෂණික සමාගම් දෙකක හිමිකරුවන් වන Elon Musk සහ Mark Zuckerberg අතර සටන සියල්ලන්ම දන්නා දෙයක්.

එය වඩාත්ම කරළියට පැමිණි කාරණය තමයි Threads සහ Twitter අතර සටන.

Mark Zuckerberg විසින් Twitter වලට එරෙහිව Threads දියත්කළ පසු Elon Musk විසින් Twitter හි නාමය X ලෙස වෙනස් කළා.

මේ සම්බන්ධයෙන් නැවත කරළියට පැමිණ තිබෙනවා.



එයට හේතුව තමයි ලොව ප්‍රථම කෘතිම බුද්ධි රොබෝ විධායක නිලධාරීවරිය (CEO) විසින් Meta සහ X ගැන විශේෂ අදහස් දැක්වීමක් සිදුකිරීම.

ඒ අනුව ඇය සඳහන් කළේ, කෘතිම බුද්ධිය යොදා ගනිමින් මෙම සමාගම් දෙකම ඉතාමත් ඉහළ මට්ටමකින් පාලනය කළ හැකි බවයි.

ආයතනයේ වැඩ කරන සේවකයින් දීමනා හෝ නිවාඩු ඉල්ලීමකින් තොරව සිය කාර්යයන් ඉටුකිරීම ආයතනය ප්‍රතිලාභයක් ලෙස ඇය සඳහන් කළා.

මීට අමතරව Zuckerberg සහ Musk ගේ ඉදිරිපත් කිරීම් සමාජයේ ධනාත්මක වෙනසක් සඳහා ව්‍යවසායකත්වය සහ තාක්‍ෂණය යොදාගෙන ඉදිරිපත් කරන ප්‍රබල මෙවලම් ලෙසද ඇය පැවසුවා.

(Vimarshana Samarakoon @ COLOMBO TIMES)