උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබෙනවා.
දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් කේ. ඩි. දුමින්ද ප්‍රසාද් සඳහන් කළේ ප්‍රවාහනය අමාත්‍යාංශයේ මැදිහත් වීම මත දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැය 3ක පමණ කාලයක් පුරා පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවයි.
මෙහිදී ඇතැම් කරුණු සඳහා අද දිනය තුළම විසඳුම් හිමිවූ බව ද ඔහු සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ සිතා ඇතැම් කරුණු සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන්ට තම සංගමය විසින් ද සති 02ක කාලයක් ලබාදීමට එකඟවූ බවයි.
(colombotimes.lk)