15 May 2026

logo

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 150 ඉක්ම වූ වැසි



ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර ඉදිරි පැය 36 තුළ එම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වන බවට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද (15) මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇති වන බවයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුරය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි.

(colombotimes.lk)