දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බවයි.
දකුණු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
