26 May 2026

logo

රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි



දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. 

ඒ රාජිත සේනාරත්න නීතිඥවරු විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.  

තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවශ්‍ය වී තිබෙන බව එහිදී සැකකරුගේ නීතිඥවරයා සඳහන් කළා. 

නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඒ සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසයි. 

(colombotimes.lk)