හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සහ නේපාල අග්රාමාත්ය කේ. පී ෂර්මා ඔලි අතර හමුවක් ඊයේ (02) පවත්වා තිබෙනවා.
ඒ නේපාලයේ කත්මණ්ඩු නුවරදීයි.
නේපාලයට දරුණු භූකම්පනයකට මුහුණදීමට සිදුවූ අවස්ථාවේදී ශ්රී ලංකාවෙන් ලද උපකාර පිළිබඳව කෘඥතාවය පළ කරන බව එහිදී නේපාල අග්රාමාත්යවරයා සඳහන් කළා.
නේපාල අග්රාමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියේ ශ්රී ලංකාව සහ නේපාලය අතර ඉදිරියේදී තවදුරටත් ද්විපාර්ශවික සබඳතා තර කර ගැනීමට අපේක්ෂා කරන බවයි.
(colombotimes.lk)