colombotimes.lk
සිංහල | English

04 May 2024

බලශක්තිය සහ කෘෂිකර්මාන්තය ගැන සාකච්ඡා ඇරඹෙයි



ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යාමට නියමිතව තිබෙනවා. 

ඒ, එළඹෙන 21 වෙනිදායි. 
 
ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එතුමා ඉන්දියාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙයයි. 
 
මෙම සංචාරය අතරතුරදී ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිතයි. 
 
මීට අමතරව ඉන්දීය විදේශ ලේකම් ඉදිරි සතියේදී මෙරටට පැමිණීමට නියමිත බවද සඳහන්. 
 
ඒ අනුව ඔහු විසින් මෙම නිල සංචාරයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමට නියමිතයි.
 
මෙම සංචාරයේ අරමුණ වන්නේ, විදුලිබල හා බලශක්ති සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මෙරට ඉන්දීය ව්‍යාපෘති මෙන්ම නාවික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමයි.
(colombotimes.lk)