01 September 2025

logo

රනිල්ගේ ජීවිතය අවදානම් මට්ටමේ - වෛද්‍ය වාර්තා අධිකරණයට



හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිර වී ඇති බව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා. 

ඒ අනුව මේ වන විට එම රෝග තත්ත්ව පිළිබඳව සියලු වෛද්‍ය වාර්තා නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

හිටපු ජනාධිපතිවරයා කලක පටන් වකුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන බවත් හෘද වස්තුවේ පටක මිය යාමත් මෙන්ම පෙනහළු ආසාදනයක් මේ වන විට පෙන්නුම් කරන බවත් ඔහුගේ නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා. 

රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වන නඩු කෘත්‍ය මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වෙනවා. 

මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා Zoom තාක්ෂණය ඔස්සේ සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)