අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අවස්ථාවේ සිට රොහල්ගත වූ අවස්ථාව දක්වා තමා වෙනුවෙන් පෙනී සිටි සියලු පාර්ශව වෙත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්තූතිය පුද කර තිබෙනවා.
ඒ අද (01) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
එහිදී ඔහු කියා සිටියේ අත්අඩංගුවට පත්වූ මොහොතේ සිට ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි සියලු පාර්ශව වෙත සිය ස්තූතිය පුදකර සිටින බවයි.
එමෙන්ම පසු අවස්ථාවකදී සියලු පාර්ශව හමුවීමට තමා අදහස් කරන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.
(colombotimes.lk)