විදේශීය සමාගම් දෙකකින් මෙරටට විදේශ ගමන් බලපත්ර මිලදී ගැනීමේ ක්රියාවලිය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් පෙත්සමේ වගඋත්තරකරුවක් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහව පත් කර තිබෙනවා.
අදාළ මිලදී ගැනීම් අභියෝගයට ලක් කරමින් එපික් ලංකා පුද්ගලික සමාගම විසින් ගොනු කර ඇති පෙත්සමට අදාළව පෙත්සම්කාර පාර්ශවය විසින් මෝසමක් ඉදිරිපත් කරමින් එහි වගඋත්තරකරුවෙක් ලෙස රනිල් වික්රමසිංහව නම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම පෙත්සම අද (06) මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
(colombotimes.lk)