පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිහ පවසනවා.
ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බවයි.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ස්ථිර වශයෙන්ම අද (26) පෙරවරුවේ ප්‍රකාශ කළ හැකි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සහ පවුලේ සාමාජිකයන් අනුමත කරන පුද්ගලයන් හැර වෙනත් කිසිවෙක්ට ඔහුව බැලීමට අවස්ථාවක් නොලැබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)