රත්නපුර ශීක්ෂණ රෝහලේ ඩෙංගු වැළඳුණු සෞඛ්‍ය සේවකයන් සංඛ්‍යාව 166ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ ජනවාරි මාසයේ සිට මේ දක්වා රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,465ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම මෙම වසරේ ගත වූ කාලය තුළ 14,600කට අධික ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වී තිබෙනවා.
(colombotimes.lk)