01 July 2025

logo

ඉන්දු - ලංකා බලශක්ති ගිවිසුම් 2ක් ගම්මන්පිල හෙළිකරයි



වත්මන් රජය ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් 7න් බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ගිවිසුම් 2ක් පිළිබඳ තොරතුරු පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල හෙළි කර තිබෙනවා.

ඒ අද (26) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

ඒ අනුව ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර අත්සන් කළ ත්‍රෛභාෂා ගිවිසුමක් ඔහු හෙළිදරව් කළා.

ඔහු කියා සිටියේ  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තෙල් නලයක් එලීම සහ ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීමට අදාළ ගිවිසුම එහි සඳහන්ව ඇති බවයි.

ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ ගිවිසුම් සියල්ලම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් අත්සන් කළ නමුත් මෙම ගිවිසුම්වල ඉංග්‍රීසි, හින්දි සහ අරාබි භාෂාවෙන්ද යුක්ත පිටපත් සඳහාද මෙරට බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයා විසින් අත්සන් කර ඇති බව ඔහු සඳහන් කළා.
 
ඔහු හෙළි කළ ගිවිසුම් පහතින්,

(01) https://drive.google.com/file/d/13G5FKOniIS-TH-P1bbNlZkV0JpC8DEp8/view
(02) 4867964.pdf




 
(colombotimes.lk)