15 November 2025

logo

දිස්ත්‍රික් මහ රෝහල් 4ක් සංවර්ධනය කිරීමට පියවර



වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් හතර සංවර්ධනය කර ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ වව්නියාව දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක විශේෂ නිරීක්ෂණයකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙරට තෘතීයික සෞඛ්‍ය සත්කාර සපයන රජයේ රෝහල් 53න් රේඛීය අමාත්‍යාංශය යටතේ පාලනය නොවන රෝහල් ප්‍රමාණය 7ක් බවයි.

හොරණ, අවිස්සාවේල්ල, ගම්පහ යන රෝහල් ත්‍රිත්වය හැරුණුවිට ඉතිරි රෝහල් උතුරු පළාතේ ප්‍රධාන රෝහල් හතර වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)