යුද සමයේදී ආරක්ෂක අංශ වෙත පවරා ගත් සිවිල් ජනතාව සතු සියලු ඉඩම් යළි නිදහස් කර ජනතාවට මුදා හැරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ කිලිනොච්චිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ යුද සමයේ විනාශ වූ නිවාස යළි ඉදි කර ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව සහය වන බවයි.
එමෙන්ම යුද සමයේ කිලිනොච්චිය ප්‍රදේශයේ වසා ඇති මහා මාර්ග යළි විවෘත කිරීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)