26 April 2025


ප්‍රදේශ රැසකට හෙට දැඩි උණුසුමක්



ප්‍රදේශ රැසක උෂ්ණත්වය හෙට (27) අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව නැගෙනහිර, උතුරුමැද පළාත්වල සහ මොනරාගල, හම්බන්තොට, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන්.


(colombotimes.lk)