02 July 2025

logo

ඡන්දය වෙනුවෙන් හෙට විශේෂ දිනයක්



මැයි 06වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (27)  නම් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම ලබන 29වනදා දක්වා සිදු කරන බවයි.

එම දිනයෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත් නොලැබූ ඡන්ද හිමියන්ට තමන් ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලයට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)