හැටන් නගරයේ ප්‍රධාන වීදියේ, පැති වීදියේ සහ අතුරු මාර්ගවල පාරිභෝගිකයන්ට අවහිරවන සේ ව්‍යාපාර කටයුතු සිදු කරන ව්‍යාපාරිකයන්ට ඉන් ඉවත්වන ලෙස දැනුම්දී තිබෙනවා.
හැටන් - දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, ආදායම් පරිපාලක සහ නිළධාරීන් ඊයේ (15) පස්වරුවේ හැටන් නගරයේ පදික වෙළෙඳුන් වෙත ගොස් ඒ බව දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.
වෙළෙඳසැල්වල අලෙවි කිරීමට ඇති ඇතැම් ආහාර ද්‍රව්‍ය සහ එළවළු පදික වේදිකාව අවහිරවන සේ ප්‍රදර්ශනය කර තිබූ අතර එම වෙළෙඳුන්ටද අවවාද කිරීමට කටයුතු කර තිබෙනවා.
හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් සඳහන් කළේ අවවාද කිරීමෙන් පසු තවදුරටත් එම වෙළෙඳුන් පදික වේදිකාවේ වෙළදාම් සිදු කරන්නේ නම් එම වෙළෙඳුන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර එම වෙළෙඳුන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.
(colombotimes.lk)